Monday, May 23, 2022

මාර්ගගත ගමන

 මාර්ගගත ගමන

ගමනක් නම් මාර්ග ගත තමයි. නමුත් මෙහි මං කියන්නේ මාර්ගයට තියා ගෙයින් එලියටවත් බහින්නේ නැතිව මාර්ග ගත වෙන විධියක් ගැනයි. ඉංග්‍රීසියෙන් කියන්නෙ online කියලයි. 


අපි දන්නවා ඇහැට වත් පෙනුනේ නැති කොරෝනා වෛරසය අපිව ගෙවල් වලට සීමා කලා. ඒ නිසා අපට බොහෝ දේවල් කරන්න වුනේ online. ඒ වෙනකොට ගමනා ගමනයට ප්‍රශ්ණයක් පැන නැගිල නොතිබුනත් අපට පාරට බහින්නේ නැතිව ගෙදර කාමරයකට සිීමා වෙලා බොහෝ දේවල් online කරගන්න වුනා.


මෙහිදී මම ඔන්ලයින් කියන්නේ අන්තර්ජාලය තුල අපි අංකයක් බවට පත්වෙලා සැරිසරන එක ගැනයි. 

අද අපට තියන භෞතික ශරීරය වගේම අංකිත ශරීරයකුත් තියනවා. 

හැබැයි අතත්‍යයයි. 

ඒත් අපි සන්නිවේදනය කරනවා පෙරටත් වඩා පලදායී විධියට. 

වඩා කාර්යක්ෂමව, 

වඩා පෞද්ගලිකව, 

රහසිගතව.  

ඉතින්  online කියන ඉංග්‍රීසි වචනයට සිංහල වචනයක් හදන්නත් උනා.. මාර්ගගත කියල තමයි ඉතින් අපේ උගත්තු ඒකට හදාපු වචනය. 

ඉතිං අපි කව්රුවත් පාරට බහින්නේ නැතිව මාර්ගගත උනා. 

ඒ් වචනයත් අවිවාදයෙන්ම කවුරුත් පිලි ගත්තා 

ඒ නිසා ඒ වචනයත් සමාජ ගත උනා.

ඉතින් හදිසි අනතුරක් කර ගන්නේ නැතිව පරිස්සමින් මාර්ගගත ව වැඩ කටයුතු කර ගන්නේ කොහොමද කියන එක අපි කවුරුත් සොයා බැලිය යුතුයි. ඒ සියල්ලටම වඩා මේ විධියට මාර්ගගත වී වැඩ කටයුතු කරගන්න එකේ වාසි හා අවාසි අපි හොඳින් දැන සිටිය යුතුයි.

අද වර්තමානයේ අති සාර්ථකත්වයට පත් වුනු විශාල ධනස්කන්ධයක් රැස් කර ගත්තු පුද්ගලයො ඒ තත්වයට පත් වෙලා ඉන්නෙ මාර්ගගතවී වැඩ කරල. තනිවම නොවේ. තව විශාල පිරිසක් එක්ක.

මොනවද මාර්ගගත වෙලා කරන්න පුළුවන්. මාර්ග ගත වෙලා සාර්ථක වෙන්නේ කොහොමද? ඊ ලඟ දවසෙ ඒ ගැන කථා කරමු. අදට නවතින්නම්.



No comments:

Post a Comment