නුඹ නැවත වනය තුලට යනවාද?
වනයෙන් එලියට එනවාද?
දිගටම වනය එලිපෙහෙලි කරමුද?
වනය තුලම දිවි ගෙවමුද?
ඇයි? සුරපුරය වන් නගරය එපා ද?
දෙවන ළමා විය කොහේ දිවි ගෙවමුද?
Where will we spend the second childhood?
දෙවන ළමා විය ඒ කියන්නේ වැඩිහිටි විය පළමු ළමා වියට වඩා වෙනස්. ඒ කියන්නේ වැඩිහිටියා පරිණත ජීවියෙක්. මානවයෙක් පරිණත උනාම තමා කැමති අය සමග තමා කැමති දේවල නිරත වෙනවා වගේම තමා අකමැති අය සමගත් තමා අකමැති දේවල් සිදු වන විට ඉවසීමෙන් ඉන්න හැකියාව ලැබෙනවා. ගැටුම් වලට යන්නේ නැතිව.
වැඩිවියට පත් උනාට පසුත් ජීවිතය සතුටින් හා සාර්ථකත්වයෙන් පුරවා ගන්න අවශ්‍ය නම් හැකිතාක් අපි අපේ තාවකාලික නිවස්නය වන භෞතික ශරීරය හොඳින් රැක බලා ගතයුතු වෙනවා. ඉස්සරට වඩා සැලකිල්ලක් වියපත් වෙන අපටම අවසඟ වෙන ශරීරය අපෙන් ඉල්ලා සිටිනවා.
දෙවනුව මම හිතන විධියට වැදගත් වෙන්නේ අඛණ්ඩ අධ්‍යාපනයයි. වියපත් උනාට කිසිම අයෙක් ඉගෙන ගෙන ඉවර වෙන්නේ නැහැ. අනිත් අතට බාලයින් හට උගන්වන්නත් තියෙන නිසා අපි අඛණ්ඩව ඉගෙන ගත යුතුයි. විශේෂයෙන් කාලීනව වැදගත් වෙන දේවල් පිළිබඳව.
තුන් වැනි කාරණය මානව සබඳතා පවත්වා ගැනීමයි. මානව සාර්ථකත්වයට ඉතාම වැදගත් සාධකයක් තමයි යහපත් මානව සබඳතා. ජය - ජය සබඳතා.
හතරවැනිව තමන් කැමති ව්‍යාපාරයක යෙදීම. මේ තියෙන අත්දැකීම් එක්ක තව දුරටත් ඕනෑම ව්‍යාපාරයක් මෙහෙයවන්න ඔබට පුළුවනි. ඒවාට අන් අයත් එකතු කර ගන්න තරම් පරිචයක් දැන් ඔබට තිබෙනවා.
පස්වැනිව තමයි ජීවිතය විඳීම. ජීවිතයේ සෞන්දර්යාත්මක පැත්ත ගවේෂණයට දැන් තියෙන්නේ හොඳම කාලයක්. මුලු විශ්වයම කලාගාරයක් වගේ දකින්න පුළුවන් කාලයක් මේ. ඔබේ ජීවිතය ගැනම උනත් හොඳ කලා කෘතියක් ඉතිරි කරල යන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ ඉතින් මතු පරපුරත් වෙනුවෙන්.
ඔබේ අදහසත් කියන්න. තමාගේම ජීවිතය බල ගන්වන්න අවශ්‍යම දෙයක් අනෙකා බල ගැන්වීම. දෙන තරමට තමයි ලැබෙන්නෙත් කියනවනෙ.
Second childhood means adulthood is different from first childhood. That means the adult is a mature being. When a human being matures, he engages in the things he likes with the people he likes and he gets the ability to be patient when the things he doesn't like happen to the people he doesn't like. Without getting into conflicts.
If we want to fill our life with happiness and success even after reaching adulthood, we must take good care of our temporary home, the physical body. The aging body demands more care than ever before.
Secondly, what I think is important is continuing education. No one is done learning even if they grow old. On the other hand, we have to learn continuously because we have to teach the younger ones. Especially on matters of current importance.
The third thing is to maintain human relations. A very important factor for human success is good human relations. Win-win relationships.
Fourth, engage in a business of your choice. With this experience, you can further manage any business. Now you have enough practice to add others to them.
The fifth is enjoying life. Now is the best time to explore the aesthetic side of life. This is a time when you can see the whole universe like an art gallery. You have the opportunity to leave behind a good work of art, even if it is about your life. That is for future generations.
Tell your opinion too. Empowering others is essential to empowering one's own life. It is said that you get as much as you give.
No comments:
Post a Comment