Saturday, November 14, 2020

ගමන අතරමග. In the middle of the journey.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlzmeuk0znLFhUbe77XFcJIm1B8-5NKjNj8HL5BxNLhgL29INXeITox_ZDKvkh7SBp3g6LIg7QK4uUxo46BGFLNPhogYeJ2smSORsWU7lJXIMnv-nViYuuaW1wUEvqfEllsV5oyaOSwkM/s113/DSC00197.JPG

නුඹ නැවත වනය තුලට යනවාද?

වනයෙන් එලියට එනවාද?

දිගටම වනය එලිපෙහෙලි කරමුද?

වනය තුලම දිවි ගෙවමුද? 

ඇයි? සුරපුරය වන් නගරය එපා ද?

Are you going back to the forest?
Are you coming out of the woods?
Shall we continue clearing the forest?
or Live in the wild?
Why? Tired of Living in a city?

දෙවන ළමා විය කොහේ දිවි ගෙවමුද?

Where will we spend the second childhood?

දෙවන ළමා විය ඒ කියන්නේ වැඩිහිටි විය පළමු ළමා වියට වඩා වෙනස්. ඒ කියන්නේ වැඩිහිටියා පරිණත ජීවියෙක්. මානවයෙක් පරිණත උනාම තමා කැමති අය සමග තමා කැමති දේවල නිරත වෙනවා වගේම තමා අකමැති අය සමගත් තමා අකමැති දේවල් සිදු වන විට ඉවසීමෙන් ඉන්න හැකියාව ලැබෙනවා. ගැටුම් වලට යන්නේ නැතිව.

වැඩිවියට පත් උනාට පසුත් ජීවිතය සතුටින් හා සාර්ථකත්වයෙන් පුරවා ගන්න අවශ්‍ය නම් හැකිතාක් අපි අපේ තාවකාලික නිවස්නය වන භෞතික ශරීරය හොඳින් රැක බලා ගතයුතු වෙනවා. ඉස්සරට වඩා සැලකිල්ලක් වියපත් වෙන අපටම අවසඟ වෙන ශරීරය අපෙන් ඉල්ලා සිටිනවා.

දෙවනුව මම හිතන විධියට වැදගත් වෙන්නේ අඛණ්ඩ අධ්‍යාපනයයි. වියපත් උනාට කිසිම අයෙක් ඉගෙන ගෙන ඉවර වෙන්නේ නැහැ. අනිත් අතට බාලයින් හට උගන්වන්නත් තියෙන නිසා අපි අඛණ්ඩව ඉගෙන ගත යුතුයි. විශේෂයෙන් කාලීනව වැදගත් වෙන දේවල් පිළිබඳව.

තුන් වැනි කාරණය මානව සබඳතා පවත්වා ගැනීමයි. මානව සාර්ථකත්වයට ඉතාම වැදගත් සාධකයක් තමයි යහපත් මානව සබඳතා. ජය - ජය සබඳතා.

හතරවැනිව තමන් කැමති ව්‍යාපාරයක යෙදීම. මේ තියෙන අත්දැකීම් එක්ක තව දුරටත් ඕනෑම ව්‍යාපාරයක් මෙහෙයවන්න ඔබට පුළුවනි. ඒවාට අන් අයත් එකතු කර ගන්න තරම් පරිචයක් දැන් ඔබට තිබෙනවා.

පස්වැනිව තමයි ජීවිතය විඳීම. ජීවිතයේ සෞන්දර්යාත්මක පැත්ත ගවේෂණයට දැන් තියෙන්නේ හොඳම කාලයක්. මුලු විශ්වයම කලාගාරයක් වගේ දකින්න පුළුවන් කාලයක් මේ. ඔබේ ජීවිතය ගැනම උනත් හොඳ කලා කෘතියක් ඉතිරි කරල යන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ ඉතින් මතු පරපුරත් වෙනුවෙන්.

ඔබේ අදහසත් කියන්න. තමාගේම ජීවිතය බල ගන්වන්න අවශ්‍යම දෙයක් අනෙකා බල ගැන්වීම. දෙන තරමට තමයි ලැබෙන්නෙත් කියනවනෙ.

Second childhood means adulthood is different from first childhood. That means the adult is a mature being. When a human being matures, he engages in the things he likes with the people he likes and he gets the ability to be patient when the things he doesn't like happen to the people he doesn't like. Without getting into conflicts.

If we want to fill our life with happiness and success even after reaching adulthood, we must take good care of our temporary home, the physical body. The aging body demands more care than ever before.

Secondly, what I think is important is continuing education. No one is done learning even if they grow old. On the other hand, we have to learn continuously because we have to teach the younger ones. Especially on matters of current importance.

The third thing is to maintain human relations. A very important factor for human success is good human relations. Win-win relationships.

Fourth, engage in a business of your choice. With this experience, you can further manage any business. Now you have enough practice to add others to them.

The fifth is enjoying life. Now is the best time to explore the aesthetic side of life. This is a time when you can see the whole universe like an art gallery. You have the opportunity to leave behind a good work of art, even if it is about your life. That is for future generations.

Tell your opinion too. Empowering others is essential to empowering one's own life. It is said that you get as much as you give.


Sunday, May 3, 2020

ශාන්තී මානව හා සමාජ සංවර්ධන කේන්ද්‍රය

දැක්ම

(මෙම දැක්ම හා මෙහෙවර ප්‍රකාශය ස්ථිතික ප්‍රකාශයක් නොවේ. මූලික හරය වෙනස් නොවන පරිදි අප ලබා ගන්නා නව දැනුම අනුව මෙහි කොටස් වලට නව අදහස් එක් වන්නා සේම ඒ අනුව මෙහෙවරද නිර්මාණශීලී ලෙස සංවර්ධණය වේ. එබැවින් මෙම ලියවිල්ල නිතර පරිහරණය කළ යුත්තකි.)

2020. 05. 31 ඉරිදා.

සෑම විටම පෙර තිබූ තත්වය හා සසඳන විට පසු තත්වය වඩා යහපත් තත්වයකට පත්වීම සංවර්ධණය යි. මානව සමාජයක් එලෙස සංවර්ධණය වන්නේ නම් එම සමාජයේ සාමාජිකයින් එකිනෙකා  සංවර්ධණය විය යුතු ය.

මානවයා සංවර්ධණය වන්නේ නම් පමණක් මිහිපිට  මානවයා සාර්ථකත්වයට පත් වූයේ යැයි කිව හැක.

මානවයාගේ පැවැත්ම සහතික වීමට නම්
ඔහුගේ හෝ ඇගේ ආරක්ෂාව සහතික විය යුතු ය. මානවයාගේ ජීවිතය ආරක්ෂාවීම අභ්‍යන්තර හා බාහිර දෙයාකාරයෙන්ම සහතික විය යුතු ය.

මෙහිදී අභ්‍යන්තර ආරක්ෂාව යනු නිරෝගී භාවය යි. උපතේ සිට මරණය දක්වා අභ්‍යන්තර වර්ධනය ස්වාභාවික නීති වලට එකඟව බාධාවකින් තොරව ක්‍රියාත්මක විය යුතු ය.

බාහිර ආරක්ෂ‍ාව සතුරු කරදර, බාහිර ආක්‍රමණ නිසා ඇතිවන ලෙඩ රෝග ආදියෙන් ආරක්ෂාවක් තිබිය යුතු ය. බොහොවිට මානවයා සමාජයක් ලෙස සංවිධානය වීමෙන් බාහිර ආරක්ෂාව සහතික කර ගත යුතු ය.

මෙහිදී සමාජයේ මානව නායක කාරකාදීන් හට ඉතා වැදගත් වගකීමක් පැවරේ. එනම් තමාගේ මෙන්ම තමාගේ කණ්ඩායමේ ආරක්ෂාව සහතික කිරීම යි.

එක් එක් තනි සාමාජිකයා ලෙස යම් සමාජයක මානවයකු ඔහුගේ හො ඇගේ නිරෝගී කම පිළිබඳ ව මුලින් ම සැලකිලිමත් විය යුතු ය.

“ආරෝග්‍යා පරමා ලාභා.“

එම ලාභය අප කවුරුත් අත් පත් කර ගත යුතු ය.

නීරෝගී භාවය කෙරේ පහත සාධක ඍජු ලෙස අප හට බලපානු ලැබේ.

1.  පිරිසිදු වාතය

2.  පිරිසිදු ජලය

3.  හිරු එලිය

4.  පෝෂ්‍යදායී මෙන්ම ඖෂධීය ආහාර.

5.  ව්‍යායාමය

6.  විවේකය

7.  නින්ද

මේ සියල්ල සමග පිරිසිදු සිතක් තිබීම හෙවත් පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ.

නිරෝගී මානවයකු ගේ ජීවිතයේ ඒකායන බලාපොරොත්තුව සන්තුෂ්ඨිය යි. එදිනෙදා සිතන පතන කියන කරන හැමදෙයකම ප්‍රතිඵලය ලෙස අප කවුරුත් බලාපොරොත්තු වන්නේ සතුට යි. එබැවින් තමාගේ මෙන්ම අන් අයගේත් සතුට වෙනුවෙන් කැපවීම අප හැමගේම ජීවිත වගකීම යි.

මෙම වගකීම ඉටු කිරීමේ දී මානවයා ගේ මිහිපිට ජීවිතය උපරිම පලදායීතාවය ඇතිවන්නේ ඔහු ට සහජයෙන් ලැබී ඇති දක්ෂතා දියුණු කර ගනිමින් විශිෂ්ඨත්වයට පත් වී සමාජය තුල සාර්ථක මෙහෙවරක් ඉටු කිරීමටත් ඒවා තුලින් යම් ආකාරයක ජයග්‍රහණයක් ලබා ගැනීමත් තුලිනි.

 ඕනෑම අයෙකු හට තමාගේම වූ සුවිශේෂ ජයග්‍රහණ ලැබීමට අවශ්‍ය අවස්ථාවන් හා ඉඩ කඩ සමාජය විසින් හෙලි පෙහෙලි කර දිය යුතු ය. එම අවස්ථාව නිර්මාණශීලී ලෙස භාවිතා කරමින් උත්කර්ෂයට පත්වීම එක් එක් මානවයා ගේ වගකීම වේ.  

මෙම සෑම කාර්යයක්ම පිටුපස එක්තරා ප්‍රබල අවශ්‍යතාවයක් මතු වේ. එනම් අධ්‍යාපනය යි. 

අවිධිමත්, විධිමත්, නොවිධිමත් ආදී සෑම ආකාරයකින්ම සමන්විත වූ ප්‍රශස්ථ අධ්‍යාපන ක්‍රමයක් සමාජය තුල ස්ථාපිත කිරීම සහ එය පරපුරෙන් පරපුරට යාවාත්කාලීන කරමින් පවත්වාගෙන යාම ඉතා වැදගත් කටයුත්ත කි.

මී ලඟට මානවයා හට ඇති ප්‍රබලම අභියෝගය වන්නේ මානව සබඳතා පවත්වා ගැනීම යි. මෙය කලාව කි. මානව සබඳතා ගොඩ නගා පවත්වා ගෙන යාමට නම් එම දක්ෂතා පුරුදු පුහුණු විය යුතු ය.

මානවයා ගේ වේවා සමාජයේ වේවා යහ පැවැත්ම සඳහා එම මානවයා හෝ සමාජය සරල, ගතික හා නිර්මාණශීලී විය යුතු ය.

මානවයා තමාගේ ශක්තීන් හඳුනාගෙන ලැබෙන අවස්ථාවන් අනුව නිර්මාණශීලී ලෙස වෙනස් වෙමින් ඔහුගේ දුර්වලතා හා අභියෝගයන් අභිබවනය කළ යුතු ය.

මේ සඳහා නිරන්තරයෙන් ශක්තීන් දියුණු කළ යුතු ය. නව අවස්ථාවන් හඳුනා ගත යුතු ය. දුර්වල තා මග හැර ගත යුතු ය. අභියෝග වලට නොබියව මුහුණ දී ජය ගත යුතු ය.

මෙතෙක් ලියූ කරුණු සාරාංශ ගත කිරීමේදී සංවර්ධිත මානවයකු ගේ සාර්ථකත්වය මිනිය හැකි ප්‍රධාන කරුණු පහක් පහත දැක්වෙන ලෙස ලැයිස්තු ගත කළ හැක.

*  නිරෝගී භාවය

*  සන්තුෂ්ඨිය

*  අධ්‍යාපනය

*  ජයග්‍රහණ

*  මානව සබඳතා

මෙම කරුණු ඉලක්ක කර ගෙන තම ජීවිතය මෙහෙයවන මානවයකු හට පහසුවෙන් ම සමාජය වෙත තමා ගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් සපුරා ලීමට ඉඩ ලැබේ. එවිට එම මානවයා හට සමාජයෙන් සලසා දිය යුතු අවශ්‍යතා හා අයිතීන් ද නිරායාසයෙන් ම ලබා ගැනීමට අවස්ථා උදා වේ.

ලෝකයේ සෑම විට ම මානව යහපත ම ප්‍රාර්ථනා කරන්නෝ නො වෙති. ඉතා ආත්මාර්ථකාමී ලෙස තමාගේ යහපත පමණක් ම ප්‍රාර්ථනා කරන තන්හාධික පුද්ගලයෝ ද ලෝකයේ වෙති. ඔවුන් ඉහත කී සාධක මත රඳා නොපවතී. හැකිතාක් ධනය හා වත්කම් ගොඩගසා ගැනීමෙන් ද, අන්අය මත පතුරුවා ලිය හැකි බලයක් ලබා ගැනීමෙන් ද, විවිධ උසස් යැයි සම්මත නිලතල ලබා ගැනීමෙන් ද, පමණක් තම අරමුණු ඉටු කර ගන්න ට ඔවුන් නිරන්තරයෙන් මාන බලමින් ක්‍රියා කරති.

අද ලෝකය මානවයා හට ඉදිරිපත් කර ඇති ජිවන රටාව කුමක් ද? එය අධි පරිභෝජන රටාව කි. ලෝකය කවුුරුන් ගේ හෝ බලය ට යටත් ව විවිධ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරයි. මී ලඟට එම භාණ්ඩ හා සේවා පිළිබඳ මානවයින් හට දන්වයි. එම භාණ්ඩ හා සේවා පරිභෝජනයට පොළඹව යි. එමගින් ඉල්ලුමක් නිර්මාණය කර ගනියි. ඒ අනුව සැපයුම් කොට ලාභ උපදව යි. මෙම ක්‍රමය උඩු යටිකුරු කළ යුතු බව අපට කලක සිට මුහුන පාන සෑම ස්වාභාවික විපත්තියක් ම, සෑම යුද්ධයක් ම, සෑම වසංගතයක් ම හා සෑම දුර්භික්ෂයක් ම නැවත නැවතත් බල කරමින් උගන්වයි.

අද කොරෝනා වෛරසයෙන් පවා වැඩිම හානි සිදුවන්නේ සරල දිවි පෙවෙතක් පවත්වාගෙන යන්න වුන් හට නොවේ.

මානවයා හට තමාගේ දිවි පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය වන්නේ මොනවාද යන්න තීරණය කිරීමේ අවස්ථාව දිය යුතු ය. එය ඔහු මත බලෙන් පැටවීම නොකළ යුතු ය.  එය ඔහු ගෙන් විමසා සිටිය යුතු අතර එය පැවසීමට අවස්ථාව දිය යුතු ය.

එවිට ආර්ථික විද්‍යා න්‍යායයන් ට අනුව සැබෑ ඉල්ලුම මුලට පැමිණේ.  දැන් ඒ ඉල්ලුම අනුව සැපයීම සඳහා සැලසුම් කොට නිෂ්පාදනය කළ යුතු වේ.  එම නිෂ්පාදනය අවැසි තැනැත්තා අතට පත් කරන බෙදා හැරීමේ ක්‍රම වේදය නිර්මාණශීලි ලෙස සැලසුම් කළ යුතු ය.

මේ අනුව පෙනී යන්නේ අද්‍යතන ලෝක මානව සමාජයේ සෑම දෙනෙකුම අලුතින් හිතන, නිර්මාණශීලී ලෙස වෙනස් වීමට කැමති, තමා ගේ මෙන්ම අන් අයගේත් යහපත, සතුට හා ජයග්‍රහණය ම පතන, නව්‍ය විශ්ව වැසියකු බවට පත්වීමට කාලය පැමිණ ඇති බවයි. සෑම දෙනාම නොපමාව ඒ වෙනුවෙන් කළ හැකි, කළ යුතු ඉතා කුඩා දෙයක් වුව ද සොයා බලා කරන්න ට පෙළ ගැසිය යුතු ය.

මෙහෙවර

ඉහත දැක්මට අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැනුම, බුද්ධිය හා ප්‍රඥාව සොයා යාමත්, ඒ වෙනුවෙන් නිරන්තර අධ්‍යයනයක නිරත වීමත්, පර්යේෂණ කිරීමත්, ක්‍රියාන්විත සඳහා ක්‍රියාකාරීව සහභාගි වීමත් ශාන්තී මානව හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ මෙහෙවරට අයත් ය. ඒ සඳහා එකඟ වන ඕනෑම මානවයකු සමග හෝ කණ්ඩායමක් සමග කොන්දේසි සහිත ව එක් වීමට අප සූදානම් වන අතර, එවැනි ක්‍රියාකාරී මානව කණ්ඩායම් සංවිධානය කිරීම ද ඔවුන් සමග විවිධ ව්‍යාපෘති වල නියැලීම ද අපගේ කාර්යයන් ලෙස සැලකේ.

පහත විෂය ක්ෂේත්‍රයන් ගැන අපගේ ප්‍රමුඛ අවධානය යොමු වේ.

වාතය, ජලය, ඉර පෘතුවිය හඳ ඇතුලු සෞර ග්‍රහ මණ්ඩලය, පෝෂ්‍යධායී ආහාර, ඖෂධ, පස, පොහොර, වල් නාශක, කෘෂිකර්මය, කෘමී පාලනය, පරිසර ගොවිතැන, කාබනික ගොවිතැන, වස විස නොමැති ආහාර, ආහාර තාක්ෂණය, කෘෂි ගම්මාන, කිරි නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය, මත්ස්‍ය සම්පත, තාක්ෂණික උපකරණ, විකල්ප බල ශක්ති ප්‍රභේද, ආක්‍රමණික ශාක, වන වගාව, වන සත්ව සංරක්ෂණය, පාරිසරික සංචාරක ව්‍යාපාරය, කලා ශිල්ප, මනෝ විද්‍යාව, අභිප්‍රේරණය, යෝගී ව්‍යායාම, භාවනා ක්‍රම, සන්නිවේදනය, ප්‍රවාහන ක්‍රම වේද, අලෙවිකරණය, නවෝත්පාදනය, අධ්‍යාපනය ....... (මෙම ලැයිස්තුව තව තවත් දිගු වේ)

ඔබගේ රුචිකත්වය අනුව අප හා එක් වන්න.

අවසානය නොවේ.